සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අපකළ විමසීමකදී පැවසුවේ එළඹෙන උත්සව කාලසීමාව පුරා සැපයුම් දාම නියාමන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක බවය.
මේ අතර වංචාවන් හෝ අක්‍රමිකතා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් 1913 දුරකථන අංකය අමතා කඩිනමින් දැනුම්දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.




