LOCALකටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා

කටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා

-

- Advertisment -spot_img

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක් සිදුවී තිබේ.

ඊයේ (07) රාත්‍රියේ 6.25ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 225 දරන යානය පැය 15ක පමණ ප්‍රමාදයකින් පසු පෙරවරු 9.15ට පමණ පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ජපානයේ නරීටා බලා ඊයේ රාත්‍රියේ 7.15ට පමණ පිටත්ව යාමට තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 454 දරන යානය පිටත්ව ගොස් ඇත්තේ අද අලුයම 1.50ට බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

එමෙන්ම කටුනායක ගුවන් තොටුපොළ හරහා ඉන්දියාවේ මුම්බායි බලා ඊයේ රාත්‍රියේ 11.40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 141 ගුවන් ගමන අවලංගු කර ඇති අතර අද අලුයම 05.35 ට මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන ද අවලංගු කර තිබේ.

මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ රාත්‍රියේ 07.00 ගොඩ බැස්සවීමට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 යානය, කටුනායක ගුවන්තොටුපොළ අවට තිබූ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබුණි.

කුවේට් හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ සවස 06.10 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය ප්‍රමාදවී, අද අලුයම 07.33 ට මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you