LOCALගුරු පත්වීම් ගැන අලුත් තීරණයක්

ගුරු පත්වීම් ගැන අලුත් තීරණයක්

-

- Advertisment -spot_img

මැයි මාසයේ මැද වනවිට නව ගුරුවරුන් 33,000කට පමණ පත්වීම් දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මේ අතර ළඟ දී විශ්වවිද්‍යාලවලින් පිටවූ උපාධිධාරීන්ව ද පළාත් මට්ටමෙන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මේ වනවිට අවධානය යොමුකර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

අද (22) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව 7,500ක් පමණ වන්නා වූ විද්‍යාපීඨ ගුරුවරුන්.. මේවන විට ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට යවලා තියෙනවා. එහි සමීක්ෂණයෙන් පස්සේ මාර්තු 31 වනවිට ප්‍රතිඵල අවසාන වශයෙන් නිකුත්වෙනවා. ඒ අනුව ජාතික පාසල් සහ පළාත් පාසැල් සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් අනුව පළාත්වලට අපි යොමුකරනවා. පළාත් පාසල්වල ගුරු හිඟය අවම කිරීම සඳහා විද්‍යාපීඨ පත්වීම් ලබාදෙන්න. ජාතික පාසල්වල ගුරුවරුන් අමාත්‍යාංශ මගින් පත්වීම් ලබාදනේන සැලසුම් කරලා තියෙනවා. බොහෝදුරට අප්‍රේල් මාසය අවසන්වීමට මත්තෙන් විද්‍යාපීඨ ගුරුවරු 7,500 ස්ථාන ගතකරන්න හැකියාව ලැබෙයි.”

“ඊට අතිරේකව උපධිධාරීන් 26,000 බදවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවලා මේ වන විට විභාග අයඳුම්පත් යවලා තියෙනවා. විභාය මේ සෙනසුරාදා පැවැත්වෙනවා. ඒකට 53,000ක් උපාධිධාරීන් පෙනී සිටිනවා. ඒ පෙනී සිටිමෙන් පස්සේ ලැපෙන ප්‍රතිඵල අපි සති දෙකක් උත්තර පත්‍ර සමීක්ෂණයට සැලසුම්කරලා තියෙනවා. ඒ ප්‍රතිඵල අපි පළාත්වලට භාරදෙනවා. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ පළාත් පදනමින් පත්වීම් ලබාදෙන්න එ් සියලුම ගුරවරුන්ට.”

“මේ ක්‍රමදෙක තුළන් 33,000ක් පමණ ගුරුවරු මැයි මාසයේ මැද වනවිට පත්වීම් දීලා අවසන් කරන්න පුළුවන්. මේ කාණ්ඩ දෙකෙන්ම.” 

“මීට අමතරව අපි සමීක්ෂණයක් කරගෙන යනවා විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, තාක්ෂණය උසස්පෙළ සඳහා ගුරුවරුන් ඒ පිරවීමෙන් පස්සෙත් කොපමණ අඩුද කියන එක ගණනය කරලා ඒවා වෙනම  අපි පළාත් මගින් බඳවාගන්නා ආකාරයට ළඟදී විශ්වවිද්‍යාලයෙන් පිට වුණ උපාධිධාරීන්ට අවස්ථාව ලැබෙනවා ඒ සඳහා පළාත් මට්ටමින් පත්වීම් ලබාගන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you