රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලකට වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු පවසනවා
ඉෂෙව්ස්ක් නගරයේ සිසුන් 1,000 ක් පමණ සිටින පාසලක ළමුන් හත් දෙනෙකුද ජීවිතක්ෂයට පත්වූ අය අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
තුවක්කුකරු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව තවමත් අපැහැදිලි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ




