ඝාතනය කළ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් එරටට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එහෙත් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම පිළිබඳව ඇතැම් ජපන් ජාතිකයින් විරුද්ධ බව බිබීසී පුවත් සේවය සඳහන් කරනවා
විරෝධය පළ කරමින් ටෝකියෝ හි අගමැති කාර්යාලය අසල පුද්ගලයෙකු ගිනි තබා ගෙන ඇති අතර 10,000 ක් පමණ විරෝධතාකරුවන් අගනුවර වීදි හරහා අවමංගල්‍ය කටයුතු නතර කරන ලෙසට බලකරමින් ගමන් කළ බවද සඳහන් වනවා
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන නමුත් ඔහුගේ උප ජනාධිපති කමලා හැරිස් සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ




