සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවන වෙමින් තිබිය දී නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී දුම්රිය මෙලෙස පිලීපැනිමට ලක්ව තිබුණි.
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වන විට දුම්රිය ගමනාගමනය සිදුකෙරෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.




