මඩවල ජාතික පාසලට අද ඉතාමත් සුවිෂේශි දවසක් වුයේ පාසලේ හෘදය බදු වූ පාසල් මාධය ඒකකය කරලියේ ස්ථාපිත වූ නිසාය.
අනාගත මාධය ක්ෂේත්රයට අංකුරධාරින් බිහිකරනු වස් මඩවල මදීනා ජාතික පාසල මෙම පියවර අද තැබුවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්ය.
උත්සවය අද දහවල් 12ට සුබ මොහොතින් විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ ආරම්භ වූ අතර ඒ සදහා විශාල පිරිසක් සහභාගි වී සිටීම විෂේශත්වයක්.
මෙහි ආරාධිතයින් ලෙස අෂ්රෆ් සංවිධානයේ විධායක නිර්මාණ අධයක්ෂ අමාන් අෂ්රෆ් මැතිතුමා සහ මාධයවේදී ප්රවෘත්ති නිවේදක ,යූ ටීවී මාධය ජාලයේ හිටපු ප්රවෘත්ති අධයක්ෂක , ජේ.එම් මීඩියා ආයතන්යේ කළමණාකරණ අධයක්ෂක රාෂිඩ් මල්හර්ඩීන් මහතා එක් වීම උත්සවයට නව ප්‍රබොධයක් ලබා දෙන ලදි.
එම පාසලේ මාධය ඒකකයේ දරුවන්ගේ විවිධ ඉදිරිපත් කිරීම වලින් උත්සවය වර්ණවත් වූ අතර එක් වූ ආරාධිත්යින් ඇගයීමටද ලක්විය














