LOCALමුදල් ආරවුලට ගෙයක් ගිනි තියලා - තුවාලකරුවන් රෝහලට

මුදල් ආරවුලට ගෙයක් ගිනි තියලා – තුවාලකරුවන් රෝහලට

-

- Advertisment -spot_img

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.

ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලීසිය සදහන් කරයි.

ඊයේ (17) පස්වරුවේ පානදුර ජනප්‍රිය මාවතේදී මුදල් ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.

එම පහරදීම  මුල්කර ගනිමින් ඊයේ රාත්‍රි 10.30 ට පමණ මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාඳුනන පිරිසක් පහරදීම සිදුකර එහි තුන්වන මහලේ නිවසකට ගිනි තබා ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයි සඳහන් වේ.

තුවාලකරුවන් පානදුර මුලික රෝහල් නේවාසිකව ප්‍රථිකාර ලබන බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you