LOCALශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම නුදුරේදීම

ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම නුදුරේදීම

-

- Advertisment -spot_img

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මේ වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

“පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ වර්ෂය තුළ දී. දැනට ශ්‍රවණාබාධ තියෙන ලක්ෂ 6 – 8ත් අතර ලංකාවේ සිටින බව වාර්තා වෙනවා. ඒ අයට විශේෂ සලකුණු ක්‍රමයක් යටතේ රියදරු බලපත්‍ර ලබාදීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. එය රට පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනයේ සිට අංක තහඩුවල පළාත් අක්ෂරය ඉවත් කිරීම, පැවරීමේ පෝරමයේ පිටු ගණන අඩුවීම, රියදුරු අකුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක වීම, පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ආදි වෙනස්කම් ක්‍රියාත්මක වන බව ජනතාවට දැනුම්දෙනවා.”

එම මාධ්‍ය හමුවට එක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ, රථ වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථාන නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක් ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ (Colombo Port City) ‘ප්‍රයිම් මරීනා’ (Prime Marina) නමින් නව ලෝක මට්ටමේ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හඳුන්වා දී...

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...
- Advertisement -spot_imgspot_img

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you