කහටරුප්ප පොලිස් වසමේ කහරුප්ප බදුල්ල මාර්ගයේදී අනතුරක් සිදුව තිබෙනවා
කහටරුප්ප දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ බස් රථයක් කහටරුප්ප දෙසට ධාවනය වූ ත්රි රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර ත්රි රෝද රථයේ සිටි දැරියන් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ
කැන්දගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටි දැරියක් බදුල්ල මහ රෝහලට ප්රතිකාර සඳහා යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
මිය ගිය දැරිය 07 හැවිරිදි මුතුමාල ,කැන්දගොල්ල ප්රදේශයේ පදිංචි අයෙක් බවද පොලිසිය පවසනවා
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහටරුප්ප පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා




