චීනයේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ මදුරෙයි වෙත පැමිණි හය හැවිරිදි දැරියකට සහ ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බලධාරීන් විසින් ඔවුන් දෙදෙනා නිරෝධායනයට යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
එසේම ඔවුන්ගේ COVID-19 සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාරයකට ද යොමු කර තිබෙනවා.
චීනයේ සහ අනෙකුත් විදේශ රටවල COVID-19 රෝගීන්ගේ වැඩිවීම හේතුවෙන්, ඉන්දීය රජය රට තුළ හදිසි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පටන් ගෙන ඇති බවද සඳහන්.
මේ වන විට ඉන්දියාවට චීනයෙන් සෘජු ගුවන් ගමන් නොමැති අතර එවන් පසුබිමකයි මෙලෙස කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් ඉන්දියාවෙන් හමුව ඇත්තේ.




