සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 18ක් සපිරෙනවා.
2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14කට බලපෑම් සිදු වු අතර මියගිය සංඛ්‍යාව 35000ක් පමණ වනවා.
මේ අතර සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙනවා.
ඒ වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
එමෙන්ම ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා.
දිස්ත්‍රික් මට්ටමින් විවිධ ආපදා නිසා මෙරට මියගිය සියලුදෙනා සිහිපත් කරමින්, ජාතික සුරක්ෂිතා දින වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.




