මාවනල්ල සහිරා ජාතික පාසලේ වසර 100 ක සැමරුම නිමිත්තෙන් එම පාසල මගින් ශ්‍රී ලංකාවේ තවත් දැවන්ත පාසල් සැමරුම් පා ගමනක් සංවිධානය කර තිබෙනවා.
එය හෙට එනම් 2022 දෙසැම්බර් මස 11 වැනි ඉරිදා දින උත්සවාකාරයෙන් ආරම්භ වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙනවා.
පාගමන හෙට උදෑසන 8.00ට විද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ වී සහිරා පාර, හසන් මාවත, හෙම්මාතගම පාර, මාවනැල්ලේ නගරය පසු කර රඹුක්කන පාර, මහවත තකියා පාර, මාරාව පාර පසුකර නැවත පාසල් ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතයි.
පාසලේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන විධායක කමිටුව සහ පාසල් මෙහෙයුම් කමිටුව එක්ව මෙම පා ගමන සංවිධානය කර තිබීම විශේෂත්වයක්.




