නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ තරුණයා මිරිහාන පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ පත්‍රිකාවක් ලබාදීමට උත්සහ කළ රථවාහන අංශයේ පොලිස් නිළධාරින් දෙදෙනෙකුට මෙම තරුණයා විසින් බැණවදින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා




