පසුගිය 6 වන දින මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්රදේශයේදී පුද්ගලයෙකුට යකඩ බටයකින් පහරදී ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර අවුරුදු 34 හා 44 වයස්වල පසුවන දෙදෙනෙකු වැලිසර හා කොළඹ 14 ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය සඳහන් කළා.
තවත් වයස අවුරුදු 18 , 22, 27 සහ 31 යන වයස්වල පසුවන්නන් සිව් දෙනෙකු ද දෙමටගොඩ සහ මරදාන ප්රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ව අද (08) අශිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




