වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහසේ මීදුම් වැනි දුමාර තත්වයක් පැවතීම අද (8) පස්වරු කාලය දක්වා පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
එම තත්ත්වය ඊයේ (07) දිනයේ ද පැවති අතර, උතුරු – නැගෙනහිර ප්රදේශවල පවතින සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්යක්ෂ සරත් පේමසිරි මහතා සඳහන් කළේ.
ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතුවෙන් මෙරට තුළ ද වායු දූෂණයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවද ඒ මහතා පැවසුවා.




