රැකියා සඳහා සංචාරක වීසා මගින් මැලේසියාවට යාමට උත්සාහ කළ ශ්රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොල පරිශ්රයේදී ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
09 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස අතර කාන්තාවන් හතර දෙනෙකුද සිටින බවයි පැවසෙන්නේ.
ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීමෙන් අනතුරුවයි මෙම ජාවාරම පිළිබඳව කරුණු අනාවරණය වී තිබුණේ.




