අද දින (30) පස්වරුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවට එම සන්ධානය නියෝජනය කරන පක්ෂ 04ක නායකයෝ සහභාගී නොවන බවට මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇති බව කෘෂි කර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරනවා.
විශේෂයෙන් මේ ආකාරයට විධායක සභා රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වන මහින්ද අමරවීර මහතාට පමණක් බවටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයාට ඊට බලයක් නොමැති බවත් එම පක්ෂ නායකයෝ පෙන්වා දෙන බවද සඳහන්.
මේ අනුව ජාතික කොංග්‍රසයේ නායක ඒ. එච්. එම් අතාවුල්ලා, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා, මහජන එක්සත් පෙරමුණේ නායක නීතිඥ තිස්ස ජයවර්ධන, දේශ විමුක්ති පක්ෂයේ ටී . කළංසූරිය යන පිරිස විසින් මෙම ලිපි යවා ඇති බවද වාර්තා වුණා.




