කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්ටෙන්ගකහගොඩ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය අංශයේ සමාරම්භක උත්සවය සහ නිල ලාංඡන ප්රදානෝත්සවය ඊයේ (10) පැවැත්විණි.
විද්‍යාලයේ විදුහල්පති එම්ආර් එම් රිප්ඛාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජේඑම් මාධ්‍ය ආයතනයේ සභාපති සහ මාධ්‍යවේදී, නීතීවෙදී රාෂීඩ් මල්හාර්ඩින් සහභාගී විය.
නීතීවෙදී රාෂීඩ් මල්හාර්ඩින් මහතා පැවසුවේ පාසල් කාලය තුළ අධ්‍යයන කටයුතු සමඟ විෂය සමගාමී ක්‍රියාකාරකම්වල නියැලීමෙන් සුබ අනාගතයක් උදාවන අතර සිසුන් දුෂ්ට ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකෙන බවත් ඔහු කීවේය.
නායකත්ව ගුණාංග සහ මාධ්‍යයේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට සහ පාසල් මාධ්‍ය අංශය යහපත් මගකට යොමු කිරීමට උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට විද්‍යාලයේ උප විදුහල්පති, ගුරුවරුන් ඇතුළු 200කට අධික පිරිසක් සහභාගි වූහ.
එන්ටෙන්ගහගොඩ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය අංශය ආරම්භ කර ඇත්තේ මාධ්‍ය ක්ෂේත්රයේ ජයග්‍රහණය කළ හැකි සිසුන් බිහිකිරීමේ අරමුණින් වීම විශේෂත්වයකි.






