පාර්ශ්වකරුවන් විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු සඳහා වන පත්කිරීම් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයට නියම කළේය.
ඒ අනුව අදාළ තනතුරු 4,718ක් සඳහා වන පත්කිරීම් සිදුකිරීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති විය.
අදාළ පත්කිරීම් සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.




