2023 ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග වටය මේ වන විට පැවැත්වේ.
එහි ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 76කි.




