LOCALදරුවෙක්ව පැහැරගැනීමට උත්සාහයක් ?

දරුවෙක්ව පැහැරගැනීමට උත්සාහයක් ?

-

- Advertisment -spot_img

වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු වෑන් රථයකින් පැහැරගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ත්‍රිකුණාමලය පාලෙයියුත්තු ප්‍රදේශයේ  පාසල් සිසුවෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගැනීමට උත්සාහ කළ බවට පෙරේදා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

14 හැවිරිදි එම සිසුවා ඉකුත් 22වැනිදා සවස 4ට පෞද්ගලික පංතියකට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

දරුවා පවසන ආකාරයට ඔහු පංතිය නිම වී නිවසට එන අතරතුර, අසළ තිබූ වෙළෙඳසැලක් වෙත ගොඩවී ඇති අතර ඒ බව එම වෙළෙඳසැලේ සවිකර තිබු CCTV කැමරාවල සටහන්ව තිබුණි.

ඉන් පිටවී නැවත නිවස වෙත පාගමනින් යමින් සිටියදී නිල් පැහැති වෑන් රථයකින් පැමිණි මුඛ ආවරණ පැළඳ සිටි පිරිසක් ඔහුව වෑන් රථය වෙත බලහත්කාරයෙන් දමා ගැනීමට උත්සාහ කළ බවත්,තමා ඔවුන්ගෙන් මිදී දිව ආ බවත් සිසුවා පවසා තිබේ.

එම අවස්ථාවේ ඔහුගේ ඇඳුමත් පොත් බෑගයත් ඉරී ගිය බව සිසුවා පවසයි.

සිසුවාගේ මාමා,

“අයිස් පලම් ගන්න කියලා කඩේට යනකොට මෙතැන නිල්පාට වෑන් එකක් නවත්තලා තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙයා යද්දි පොඩ්ඩක් අල්ලලා ඇදලා තියෙනවා. මෙයා බයවෙලා මේ පාරෙන් දිව්වා. ඊට පස්සේ අපි 119 එකට කතා කරලා කිව්වා.”

කෙසේ වෙතත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූ ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය දරුවා පැවසූ ස්ථානය ආසන්නයේ තිබූ CCTV පරීක්ෂා කර තිබේ.

නමුත් මෙම ප්‍රදේශයේ CCTV කැමරා සවි කර ඇත්තේ සීමිත ස්ථාන කිහිපයක පමණක් වන අතර,  එම ස්ථාන පරීක්ෂා කළද මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිව නැහැ.

කෙසේ වෙතත් සිසුවාගේ ප්‍රකාශ සහ CCTV දර්ශන ඔස්සේ ඉදිරියටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය පවසයි.

මේ අතර ඉකුත් 11වැනිදා මන්නාරම ප්‍රදේශයෙන් ද මෙවැනිම සිද්ධි 2ක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබුණේ දරුවන්ගේ එම ප්‍රකාශ සාවද්‍ය බවය.

පසුගිය දින කිහිපය පුරාම සාමාජ මාධ්‍ය හරහාද දරුවන් පැහැරගැනීම්වලට අදාළ තොරතුරු හුවමාරු වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ එලෙස වාර්තා වන බොහෝ සිදුවීම්වල සත්‍යතාවක් නොමැති බවය.

“සමහර පොලිස් ස්ථානවලට දිවයිනේ පැමිණිලි ලැබුණා. මන්නාරම, තලෙයිමන්නාරම, ත්‍රිකුණාමලට, කිලිනොච්චිය. ඒවා විමර්ශනය කිරීමේ දී යම් යම් සැකසහිත ස්ථානයන් මතුවෙලා තියෙනවා. නමුත් සැබෑ ලෙසම දරුවෙක් පැහැරගැනීමක් පිළිබඳව වාර්තාවීමක් සිදුව නෑ. දරුවන් පැහැරගෙන ගොස් කැලෑ තුළ සඟවාගෙන ඉන්නා ආකාරයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වෙනවා. ඒවා විදෙස් රටවල විවිධ අරමුණු වෙනුවෙන් නිෂ්පාදනය කළ ඒවා. ඒ නිසා අපි මහජනතාවට දැනුම් දෙනවා අනවශ්‍ය ආකාරයේ බියක් ඇති කරගන්න එපා. සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන ව්‍යාජ ඒවා. කෙසේ වෙතත් ලැබුණ පැමිණිලි සම්බන්ධයෙන් වැඩකටයුතු කරගෙන යනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you