කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසා මුදල් වාංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කටාර් රාජ්‍යයේ මුදල් දෙන බව පවසා අදාළ කාන්තාවන් රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වෙත ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
සැකකාරියන් අවුරුදු 31ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.
පැමිණිලිකරු අවස්ථා කිහිපයදකදී සැකකාරියන් ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති අතර, විදෙස් ගමන් බලපත්‍රය ද සැකකාරියන් ට ලබාදී ඇත.
සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.




