යුද වැදී සිටින රටක් ලෙස සැලකෙන යුක්රේනයට ඩොලර් බිලියන 15.6ක් ලබාදීමට කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.
යුද වැදී සිටින රටකට එවැනි මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන්නේ පළමු වරටය.
ඊට අදාළ අනුමැතිය ඉදිරි සති කිහිපය තුළ ලැබෙතැයි අපේක්ෂා කෙරේ.
රුසියාව විසින් එරට ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබෙන විශාලතම මූල්‍ය අනුග්‍රහය මෙය වෙයි.
“ඉතා අවිනිශ්චිත” රටවලට ද මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී සිය නීති වෙනස් කළේය.




