LOCALවිදුලිය සහ තෙල් ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

විදුලිය සහ තෙල් ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

-

- Advertisment -spot_img

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ.

තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාද වී හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද ප්‍රමාද වුණි.

එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.

එම ක්‍රියාවලිය හරහා දෙස් විදෙස් ආයෝජකයන්ට ද අවස්ථාව හිමිවන බව සඳහන්ය.

මෙහිදි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලි ජනනය කිරීමේදී එම අවස්ථාව දෙස් විදෙස් ආයෝජකයන්ට හිමිවන අතර ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවැති ත්‍රිකුණාමල තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියානු තෙල් සමාගමට පවරා දී තිබේ.

එමෙන්ම නව ක්‍රියාවලිය හරහා තෙල් ආනයනය කිරීමේ දී නව සමාගම්වලට අවස්ථාව හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you