අද (18) රාත්‍රියේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.
ඒ අනුව, හෙට (19) දිනයේ දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවද එම දෙර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව පැවසෙයි.




