TOP STORYඋතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

-

- Advertisment -spot_img

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ (31) රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් අද (01) පෙරවරුවේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම නිවේදනයේ සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you