LOCALඕනෑම මැතිවරණයකට සූදානම් - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

-

- Advertisment -spot_img

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර පුදබිමට ඊයේ (27) පැමිණි අවස්ථාවේදීය.

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටුවාය.

අනතුරුව රුවන්වැලි මහ සෑය වන්දනා කළ මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන්ද බැහැ දුටුවේය.

පසුව එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සිය පක්ෂය මැතිවරණයකට මුහුණදීමට ශක්තිමත්ව සිටින බවය.

ප්‍රශ්නය – දැන් කොමිෂන් සභාවේ එක්කෙනෙක් අයින් වෙලා තියෙනවා මේ ඔක්කොම ඡන්දෙ කල්දාන්න ද ?

පිළිතුර – නෑ නෑ අපි ඔක්කෝම සූදානම් නේ. අපි මොකටද කල්දාන්නේ.

ප්‍රශ්නය – ප්‍රතිවාදී පිල ශක්තිමත් කියලා සමහරු කියනවා?

පිළිතුර – සමහරු කියනවා ඉතින්. සමහරුනේ කියන්නේ. රටේ වැඩිදෙනා කියන්නේ අපි ශක්තිමත් කියලා.

ප්‍රශ්නය – තියේවිද හිටපු ජනාධිපතිතුමනි?

පිළිතුර – තියේවී නේ. තිබුණොත් අපි ලෑස්තියි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයක් තියන්න යනවා කියලා කියනවා?

පිළිතුර – ඕනෑම මැතිවරණයකට අපි ලෑස්තියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you