LOCALඋසස් පෙළ විභාගය අද ඇරඹෙයි

උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

-

- Advertisment -spot_img

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික  අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ.

අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත් වේ.

මේ අතර අපේක්ෂයින් වලංගු හැඳුනුම්පතක් සහ විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඉක්මනින් තම විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

“දරුවන් සියලුදෙනාම නිසි වේලාවට මධ්‍යස්ථානයට යන්න. අපි උපදෙස් දීලා තියෙන්නේ පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානයේ අසුන් ගන්වන්න කියලා ශාලාධිපතිවරුන්ට. විභාගයට අපි තහනම් කරලා තියෙනවා ජංගම දුරකථන, විද්‍යුත් උපාංග, ස්මාට් ඔරලෝසු, බ්ලූටූත් සහ සංනිවේදන උපාංගයක් තමන් සන්තකයේ තබා ගැනීම, විභාගය ලියන තැනක ප්‍රවේශ වීමට හැකි තැනක ළඟ තබාගැනීම වසර 5ක් දක්වා ඔබට ඉදිරි විභාගයන්ට පෙනී සිටීමට තිබෙන කාලය අහිමිවෙන්න පුළුවන්.”

විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හිමිවන අමතර කාලය පිළිබඳ විභාග කොමසාරිස්වරයා මෙලෙස අදහස් දැක්වීය.

“ඒක දෙන්නේ පැය 3ක ප්‍රශ්න පත්තරවලට. ප්‍රශ්න තෝරාගැනීම තියෙන ප්‍රශ්න පත්‍රවලට. අපි බහුවරණ ප්‍රශ්න පත්තරවලට නෙමෙයි දෙන්නේ. බොහෝ වේලාවට පැයක ප්‍රශ්න පත්‍රයක් කියන්නේ බහුවරණ. ඒකේ තෝරා ගැනීමක් නෑ. ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලියන්න ඕනේ. එතකොට කියවන්න ඕනේ නෑ කලින්. හැබැයි අර කියවලා ප්‍රශ්න තෝරාගැනීමේ දී අපි විනාඩි 10ක් අමතරව දීලා තියෙනවා. ඒ කියන්නේ අපි උදේ 8.30ට නම් දෙන්නේ අපි 11.40ට තමා පිළිතුරු පත්‍රය එකතු කරන්නේ. පැය 3යි විනාඩි 10ක් ලබාදෙනවා.”

විභාග කාලසීමාව තුළ දරුවන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.

මේ අතර උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන, ප්‍රාදේශීය හා මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන, ප්‍රශ්න පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන හා වෙනත් රහස්‍ය ලේඛන ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් එම නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඊට අමතරව විභාග පැවැත්වෙන දිනයන්හි දී පොලිස් ජංගම සංචාර, යතුරුපැදි සංචාර, පාමුර සංචාර ඇතුළු විවිධ සංචාරයන් මගින් විභාග මධ්‍යස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමුකර අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you