පනාමුර පොලිස් වසමේ සුදුගල ප්‍රදේශයේ කංසා වගාවක් වැටලීමට පනාමුර පොලීසිය සමත් වුණා.
පනාමුර පොලීසියේ විශේෂ ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර කඳුකර ප්‍රදේශයක කෙසෙල් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ආකාරයෙන් කංසා වගාකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ගස් 5000ක් පමණ ගලවා පනාමුර පොලීසිය භාරයට ගත් අතර මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.




