POLITICALපාර්ලිමේන්තුව ගත් අලුත්ම තීරණය

පාර්ලිමේන්තුව ගත් අලුත්ම තීරණය

-

- Advertisment -spot_img

ලබන 10වන සෙනසුරාදා වෙනුවට 13වෙනි අගහරුවාදා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් ක‍ළේය.

ලබන 10 වනදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කිරීමටත් මීට පෙර තීරණය කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත්තේ 10 වෙනි සෙනසුරාදා වෙනුවට 13 වෙනි අඟහරුවාදා සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටය.

ඊට අමතරව පෙර තීරණය කළ පරිදි ලබන 08 වෙනිදා පැවැත්වීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 05ට පැවැත්වීමට කාරක සභාවේ එකඟතාව පළවී තිබේ.

ලබන 09 වෙනි සිකුරාදා දින එකතු කළ අගය මත බදු සංශෝධන සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.

1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ පසුගිය 03 වන දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රයේ සඳහන් නියමය ද අනුමැතිය සඳහා ලබන 08 වන දින ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

එසේම ලබන 13 වන දිනෙන් පසු නැවත ලබන වසරේ ජනවාරි 17 වන දින පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you