2023-2026 පුනර්ජනනීය බලශක්ති සැලැස්ම, තීරුබදු අනුපාත, නල මාර්ගයේ ව්‍යාපෘති, සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල්, මූල්‍ය සහ තාක්ෂණික අවශ්‍යතා පිළිබඳව පුනර්ජනනීය බලශක්ති සංගම් 06ක නියෝජිතයින් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ඊයේ (02) පස්වරුවේ එම හමුව සිදුව ඇති බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිට තිබෙනවා.




