LOCALළමුන් අතර උණ රෝගය පැතිර යයි

ළමුන් අතර උණ රෝගය පැතිර යයි

-

- Advertisment -spot_img

මේ දිනවල කුඩා ළමුන් අතර ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“මේ දිනවල අපේ ළමයි අතර උණ රෝග කිහිපයක් පැතිරෙනවා. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ තියෙන රෝගීන් සහ ඩෙංගු තාමත් අපේ පරිසරයේ තියෙනවා. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝග විදිහට අපි දකින්නේ, රෝග ලක්ෂන සඳහන් කළොත්, උණ සමග කැස්ස, හෙම්බිරිසාව සමහර අයට වමනය යනවා. 

ඉතින් ඔය රෝග ලක්ෂණ තියෙන් පුළුවන් ඉන්ෆ්ලුවෙන්සාවලටත් වෙනත් වෛරස්වලට ඉතින් ඒ රෝග ලක්ෂණ තියෙන අයට විශේෂයෙන්ම කියන්නේ, ගෙදර ඉන්න පුළුවන්නම් ඉන්න. ඒ ළමයිට විවේකය ලබාදීලා, දියර ආහාර ලබාදීලා, පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීලා ගෙදර තියාගන්න පුළුවනම් හොඳයි. 

හදිස්සිම අවස්ථාවක එළියට යනවානම් මාස්ක් එකක් දාගෙන යන්න. ගෙදර වුණත් මාස්ක් එකක් දාගෙන ඉන්න පුළුවනම් හොඳයි. මොකද ගෙදර අයට බෝවෙන්න පුළුවන්. විශේෂයෙන්ම මොන්ටිසොරි, ඩේ කෙයාර් සෙන්ටර්වලට යන ළමයින්ට රෝග ලක්ෂණ තියෙනවානම් ගෙදර තියාගන්නවානම් හොඳයි. උණ දවස් දෙකකට වැඩියෙන් තියෙනවා නම් මේක ඩෙංගු වෙන්න පුළුවන්. දවස් තුනකට වැඩිය උණ තිබුණොත් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා බලාගන්න. ඩෙංගු තියෙනවා නම් රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් වහාම රෝහල්ගත වෙන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you