නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් භාරයට ගෙන තිබෙනවා
ඊයේ (28) සවස් කාලයේ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමග ඉන්දීය ධීවරයින් විසිහතර දෙනෙකු (24) අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ
යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුලදී මොවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.





