රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නව රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
දශක ගණනාවකට පෙර ඔරුවල වානේ කර්මාන්ත ශාලාවක් සහ කැලණියේ ටයර් කම්හලක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ කාර්මීකරණයට සෝවියට් සංගමය ලබා දුන් සහයෝගය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළ අතර ශ්‍රී ලාංකික සිසුන්ට ලුමුම්බා රුසියානු විශ්ව විද්‍යාලවල පිරිනමන ශිෂ්‍යත්ව පිළිබඳව ද ස්තූතිය පළකර සිටියා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා රුසියාවේ උපරිම සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.




