LOCALවෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කරන යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය...

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කරන යෝජනා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට

-

- Advertisment -spot_img

වෛද්‍යවරුන් ඇතුළත් වන විශේෂිත සේවාවන්ට / තනතුරුවලට අදාළ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, ගැන වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ, කැබිනට් අනුමැතියෙන් පසු, 2022.11.26 දිනයේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

එම කැබිනට් මණ්ඩල තීරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත්ව ඇති නිසා, නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බවයි සභානායකවරයා 2022.11.24 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ

විශේෂඥ වෛද්‍ය නිලධාරින්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින් සහ රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වන පරිදි, මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනවාරි 01 දින සිට ජූනි 30 දින දක්වා වන කාලසීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි 30 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සහ ජුලි 01 දින සිට දෙසැම්බර් 31 දින දක්වා වන කාල සීමාව තුළ සිය උපන් දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා සේවය කිරීමට අවස්ථාව සලසා දී විශ්‍රාම ගැන්වීම, සඳහා , අනු කමිටුව නිර්දේශ ඉදිරිපත් කර ඇත.

අමාන්‍ය කමිටු වාර්තාවේ (අ) සිට (ඉ) දක්වා ඇති නිර්දේශ:—

(අ) දැනටමත් වයස අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් එළැඹෙන දෙසැම්බර් 31 දිනට ප්‍රථම විශ්‍රාම ගැන්වීම.

(ආ) මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පූර්ණ වීමේ දී විශ්‍රාම ගැන්වීම,

(ඇ) මේ වන විට වයස අවුරුදු 61 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 62 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඈ) මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැන්වීම,

(ඉ) මේ වන විට වයස අවුරුදු 59ක් සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට අනිකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම විශ්‍රාම ගැන්වීම.

නිර්දේශිත වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ අන්තර්කාලීන ක්‍රියාමාර්ග 2023 වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් විය යුතු වන අතර, ඉන් ඉදිරියට අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරින් මෙන්ම වෛද්‍ය නිලධාරින් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම ගැන්විය යුතු බවටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර,ඇති, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවේ දැක්වෙනවා.

යෝජනා සම්මතය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ඉහක සඳහන් තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළව යෝග්‍ය පරිදි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you