රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරියන්ට අදාළ නොවන බවට දන්වා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරනු ඇති.
කෙසේ වෙතත් පාසල් ගුරුවරියන් කුමන ඇඳුමකින් සැරසී සිටිය යුතුද යන්න එහි ඇතුලත් නොවන බවයි පැවසෙන්නේ.
අනතුරුව පාසල් ගුරුවරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් වෙනත් චක්‍රලේඛයක් නිකුත්වන බවද සඳහන්.
පසු ගිය දින කිහිපයේ දී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත පැමිණීමත් සමගයි මේ සම්බන්ධයෙන් කරුණු සංවාදයට බඳුන් වුණේ.
එහිදී ගුරු සංගම් මෙන්ම ගුරුවරියන්ද ප්‍රකාශ කළේ 2019.06.26 වැනි දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කළ හැකි බවට දන්වා ඇති බවයි.
ඒ අනුව පාසල් ගුරුවරියන් පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණියා.
මේ හේතුවෙනුයි එම චක්‍රලේඛය පාසල් ගුරුවරියන්ට අදාළ නොවන බවට දන්වා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇත්තේ.




