රැකියාවක් සඳහා විදේශගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇරලවා පැමිණෙමින් තිබූ වෑන් රථයක් පුද්ගලයින් 11 දෙනෙකු සමග පෙරළීගොස් තිබේ.
අද (16) උදෑසන මීගහතැන්න මංසන්ධිය ප්රදේශයේදී සිදුවූ එම අනතුරෙන් කාන්තාවක් මිය ගොස් අනෙක් 10 දෙනා තුවාල ලබා ඇත.
එලෙස මියගොස් ඇත්තේ විදේශගතවූ පුද්ගලයාගේ බිරිඳගේ මව බව අප වාර්තාකරු පැවසීය.
මතුගම සිට හිනිදුම ප්රදේශය දක්වා ගමන්ගත් වෑන් රථය රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස පෙරළී ගොස් ඇති බව මූලික විමර්ශවලදී හෙළිවූ බව මීගහතැන්න පොලීසිය පැවසීය.




