මසුන් ඇල්ලීම සඳහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා.
මෙසේ අතුරුදන්වී ඇත්තේ තාලාවිට, එප්පාවල ප්රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක්.
මොහු මීට මස දෙකකට පමණ පෙර බහුදින යාත්රාවකින් තවත් ධීවරයින් පස්දෙනෙකු සමග මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ අතර, යළි ගොඩබිමට එමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.




