ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා(14) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
2022/23 මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගා සඳහා යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 105ක ණය මුදලක් අනුමත කළ අතර එම ණය මුදල් යටතේ ලැබෙන දෙවන යුරියා පොහොර තොගය වශයෙනුයි මෙම තොගය දිවයිනට ගෙන එන්නේ.




