වව්නියාව නොච්චිමොටේ පාලම අසල දී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ.




