LOCALරැකියා අවස්ථා සොයා බැලීමට ඇමති මනුෂ කොරියාවට

රැකියා අවස්ථා සොයා බැලීමට ඇමති මනුෂ කොරියාවට

-

- Advertisment -spot_img

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඊයේ (01) රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා

මෙම සංචාරයේදී දැනට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියානු රජය සමග සාකච්ඡා කිරීමට නියමිත අතර නව රැකියා අවස්ථා ලබාගැනීමට අවශ්‍ය පියවරද ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ

ඒ අනුව නව කොරියානු රැකියා අවස්ථා සදහා මෙරට ශ්‍රමිකයින්ට විවෘත කරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති .

එහිදී මෙරට ශ්‍රමිකයින් සඳහා විවෘත කරගත හැකි නව ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කිරීමට නියමිත අතර සේවා යෝජකයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි

විශේෂයෙන්ම කොරියානු රජයේ නියෝජිතයින් සමග කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිත වනවා

එමෙන්ම කොරියාව ආර්ථික ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් අත්කරගැනීම සදහා කම්කරු නීති සකස්කර ඇති ආකාරය මෙන්ම ශ්‍රම සම්පත ආර්ථික ඵලදායී අයුරින්‍ යොදා ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කර එය ලංකාවට අදාල කරගැනීම පිළිබද අවධානය යොමු කිරීමටද නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවන්ගේ පෞරුෂත්වය ඊළඟ මට්ටමට ගෙන යන POWERFUL KIDS වැඩමුළුව

🏆 ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ ප්‍රථම සහ එකම මාධ්‍ය සහ නායකත්ව පුහුණු වැඩමුළුව වන POWERFUL KIDS, JM Media සභාපති...

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA නිෂ්පාදන සහ විද්‍යාලය විසින් පවත්වනු ලබන මාධ්‍ය සහ නායකත්ව සහ...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව...

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය...
- Advertisement -spot_imgspot_img

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ. පසුගිය...

ඩෙංගු සහ චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රොගී තත්ත්වයන් වැඩි වශයෙන් පැතිර යාම බස්නාහිර පළාත තුළ වාර්තා...

Must read

මාවනැල්ල බදුරියා ජාතික පාසලේ පැවති එක්දින මාධ්‍ය වැඩමුළුව

දිවයින පුරා පාසල් සහ විශ්ව විද්‍යාලවල පිළිගත් JM MEDIA...

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you