ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට මෙවර වැසි සමයේ දී වාර්තාගත වර්ෂාපතනයක් පතිත විය.
ඇතැම් පෙදෙස්වලින් වාර්තා වුණේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ දී වාර්තා වන වර්ෂාපතනයේ සාමාන්‍ය අගය මෙන් සිව් ගුණයකටත් අධික වර්ෂාපතනයකි.
අඛණ්ඩ වර්ෂාවත් සමග ඇති වූ ගං වතුර ආපදාවෙන් ජීවිත හානි මෙන්ම දේපළ හානි රැසක් වාර්තා විය.




