අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රඹකැපූවැවදී ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර එය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා
ඒ වන අලි පහරදීමකින් අයෙකු මිය යාමේ සිද්ධියකදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහායි
එම අවස්ථාවේදී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා
එමෙන්ම පොලිස් සැරයන්වරයා මිය යාමේ සිදුවීමට අදාළව භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරනවා




