මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද (11) අලුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.
ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළෙඳසැල්වල කුලී වැඩ කරමින් ගත කළ අයෙක් බවත් අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුට වෙළෙඳසලේහිමියා නවාතැන් පහසුකම් දී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.




