ඔක්තෝබර් මස 06 වන දින ශ්‍රී ලංකාවේ සෑම පාසලකම ගුරු දිනය සමරන පසුබිමක අද දිනයේ සුවිශේෂී ගුරු දින සැමරුමක් අපට වාර්තා උනේ හෙම්මාතගම ප්‍රදේශයෙනි.
හෙම්මාතගම නගරයේ අවට ඇති විවිධ පාසල්, පෙර පාසල් , මුස්ලිම් මද්‍රාසා , දහම් පාසල් ඇතුලු සියලුම අධ්‍යාපනයක් ලබා දෙන ගුරුවරුන් එකතු කරගනිමින් කෑගල්ල , මාවනැල්ල පල්ලිපෝරුව විද්‍යාලයේ 75 වන සංවත්සරය නිමිති කරගෙන අද ගුරු දින සැමරුමක් අද පැවැත්වුණි.
මෙම ගුරු දින සැමරුමේදි හෙම්මාතගම නගරගිරි ක්‍රීඩාංගණයේ සිට සියලුම ගුරුවරුන් තූර්යවාදන කණ්ඩායමේ ආචාර මැද හෙම්මාතගම පල්ලිපෝරුව විද්‍යාලයේ ක්‍රීඩා පිටියට රැගෙන පැමිණියේය.
අනතුරුව පැය කිහිපයක් තිස්සේ පැවැත්වුණු මෙම ගුරු දින සැමරුමේ විවිධ පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.
ගුරු දින සැමරුම වර්ණවත් කිරීම සදහා විවිධ පාසල් වලින් පැමිණි සියලුම ගුරුවරුන් ගීත ගායනා කරමින් නර්තනයේ යෙදෙමින් විවිධ අංග වල නිරත වුණි.
අද දින ශ්‍රී ලංකාවෙ සෑම ප්‍රදේශයකම සෑම පාසලකම ගුරු දින සැමරුම් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි ආදර්ශමත් ගුරු දින සැමරුමක් සංවිධානය කල පල්ලිපෝරුව විද්‍යාලයේ සියලුම සංවිධායකවරුන්මෙම උත්සවයේදී විශේෂ ඇගයීමකට ලක් කෙරුණි.
සහභාගි වූ සියලුම ගුරුවරුන් නියෝජනය කරමින් එම පාසල් වලට සමරු පළක ප්‍රදානය කිරීමක් ද සිදු වුණි.
පාසල් වල අනාගතය උදෙසා කටයුතු කරන කණ්ඩායම් එකතු වෙමින් මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
මෙම ගුරු දින සැමරුමේ විශේෂ අවස්ථා සහිත චායාරූප කිහිපයක් පහත ඔබට නැරඹීමට හැක.












