රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.
අද පෙරවරු 11.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.
එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කෝපා කමිටුවට තෝරා පත් කරගෙන ඇති සාමාජිකයින්ගේ නම් ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.
පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා 1977 අංක 8 දරණ උදර්පණ පනත යටතේ අංක 2282/19 දරණ ගැසට් පත්‍රයේ සඳහන් නියමයන් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.




