උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා
ඊයේ (04) රාත්‍රියේ වැල්ලවදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවුණ අතර කොළඹ සිට ගමන් කළ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානය දක්වාත්, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් මහව හන්දිය දක්වාත් සීමා කර තිබුණා




