එළඹෙන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිල රුපියල් 250ක් දක්වා පහත හෙලීමට අපේක්ෂා කරන බවය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිඟු පිටි මෙරටට ලැබීමට නියමිත බවය.




