අත් බෑගයක් සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් ගම්පහ පහළගමදී අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එම අවස්ථාවේදී පොලිසිය එල්ල කළ වෙඩි තැබීමකින් 35 හැවිරිදි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.




